ඕතඩොක්ස් කිතුනුවන් සඳහා වූ සභාවේ සංක්ෂිප්ත ඉතිහාසය
පියාණන් වහන්සේගේ, පුත්‍රයාණන් වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන්, ආමෙන්.
වදෙවිඳුන් මනුෂ්‍ය වූ සේක; සභාව ස්ථාපිත කරන ලදී
සර 2,000 කට පමණ පෙර, අපගේ ස්වාමීන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඍජුව ම මානව ඉතිහාසයට මැදිහත් වූ සේක. උන්වහන්සේ දෙවිඳුන් වහන්සේ වූ ව ද (පියාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ) මිනිසෙකු බවට පත් වූ සේක,
නැතහොත්, අප නිතර පවසන පරිදි, උන්වහන්සේ අවතරණය වූ සේක – මාංසගත වූ සේක. ආදම් සහ ඒවගෙන් ආරම්භ වූ මිනිසා, පාපය වැළඳ ගැනීමෙන් දිව්‍යමය ජීවිතයෙන් ඈත් වී මරණයේ බලයට යටත් විය. නමුත් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේගේ අවතරණය වීමෙන් ද, කුරුසිය මත මරණය සහ තුන්වන දින මරණයෙන් නැවත නැගිටීම මගින් ද, මිනිසුන් කෙරෙහි මරණයට තිබූ බලය විනාශ කළ සේක. උන්වහන්සේගේ ඉගැන්වීම් සහ සම්පූර්ණ ගැලවීමේ කාර්යය තුළින්, ක්‍රිස්තුස් වහන්සේ දෙවියන්1 වහන්සේගෙන් ඈත් වී පාපයට හසු වූ මනුෂ්‍යත්වය දෙවියන් වහන්සේ හා සමගි කර පාපවල2 පැටලී සිටි අය මුදා ගත් සේක. උන්වහන්සේ යක්ෂයා මිනිසුන්3 කෙරෙහි ලබා තිබූ අධිකාරිය අහෝසි කළ අතර මනුෂ්‍ය වර්ගයා ද උන්වහන්සේගේ මුළු විශ්වය ද4 ප්‍රාණවත් කර, යළි මැවූ සේක. මිනිසා සහ දෙවියන් වහන්සේ වෙන් කරන අගාධය ගොඩනඟමින්, මිනිසා සහ දෙවියන් වහන්සේ ඔහුගේම පුද්ගලයා තුළ එක්වීම මගින්, අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් වහන්සේ එය පිළිගන්නා සියල්ලන්ට මරණයෙන් පසු සදාකාලික, ප්‍රීතිමත් ජීවිතයකට මාර්ගය විවෘත කළ සේක.5
යුදයේ සියලු ම මිනිසුන්, හෙබ්‍රෙව්වරුන්, දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ (ද්වි. 7:6; Is 44:1), මෙම ප්‍රවෘත්තිය ඇසීමට සූදානම් ව නොසිටි අතර, එබැවින් අපගේ ස්වාමින් වහන්සේ ඔවුන්ට බොහෝ දුරට උපමාවලින් සහ රූපවලින් කථා කළ සේක. උන්වහන්සේගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීම සඳහා, උන්වහන්සේ වඩාත් පරිපූර්ණ ලෙස ඉගැන්වූ සරල මිනිසුන් දොළොස් දෙනෙකු තෝරා ගත්හ.6 මෙම දොළොස් දෙනා උන්වහන්සේගේ අපෝස්තුළුවරුන් ලෙස හැඳින්වේ.7 මිනිස් වර්ගයාගේ ගැලවීමේ කොටසක් ලෙස, ක්‍රිස්තුස් වහන්සේ සභාවක් ස්ථාපිත කළ සේක. (මතෙව් 16:18; මතෙව් 18:17).
උන්වහන්සේ සභාව පාලනය කිරීමට අපෝස්තුළුවරුන් පත් කළ අතර, ඔවුන්ට පූජක බලය ලබා දුන් සේක (මතෙව් 16:19; යොහන් 20:21), තව ද, ඔවුන් මත හුස්ම හෙළමින් මෙසේ වදාළ සේක:«ශුද්ධාත්මයාණන් පිළිගන්න. යමෙකුගේ පව් නුඹලා කමාකරවු ද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ» (යොහන් 20:21–23). උන්වහන්සේගේ මරණයෙන් ගැලවීම සහ නැවත නැගිටීම පිළිබඳ ශුභාරංචිය (සුබ අස්න) දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන්ට විශේෂයෙන් අණ කළ සේක: »නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න.» (මතෙව් 28:19). මරණයෙන් නැගිටීමෙන් පසු දින හතළිහ තුළ, එනම් උන්වහන්සේ ස්වර්ගයට නැගී යන තෙක්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ එම දොළොස් දෙනාට පොළොව මත තම සභාව පිහිටුවීමට උපදෙස් දුන් බව ක්‍රිස්තියානි සම්ප්රදාය ඒකමතික ව පවසයි. තව ද, එම සභාව කිසිදා අන්ධකාරයේ බලවේග විසින් පරාජය නොකරන බවට ද උන්වහන්සේ පොරොන්දු වූ සේක (දානියෙල් 2:44; මතෙව් 16:18). එසේ ම, ශුද්ධාත්මයාණන් වහන්සේ සභාව සමඟ සිටින බවටත්, එය අසත්‍යයෙන් ආරක්ෂා කරන බවටත්, මග පෙන්වන බවටත් ස්වාමින් වහන්සේ පොරොන්දු වූ සේක.
***
Данный труд представлен только в виде сканированного документа. Вы можете ознакомиться с ним по ссылке:
