සෑම දිනකම මූලික යාච්ඤා
ඕතඩොක්ස් යාච්ඤා
පියාණන් වහන්සේගේත්, පුත්‍රයාණන් වහන්සේගෙත් සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේත් නාමයෙන්. ආමෙන්.
ජේසුස් වහන්සේගේ යාච්ඤාව
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තු සමිඳුනි, පව්කාරයෙකු වූ මට අනුකම්පා කරනු මැනව.
ශුද්ධාත්මයාණන් වහන්සේ උදෙසා වූ යාච්ඤාව
ස්වර්ගීය රජතුමනි, සැනසිලිදායකයාණෙනි, සත්‍යතාවයේ ආත්මයාණෙනි, සෑම තැන්හීම වැඩසිටින සහ සියල්ල පුරවාලන ඔබවහන්සේ යහපත් දේවල්වල නිධානයයි. ජීවන දායකයාණෙනි, පැමිණ අප හා වාසය කරනු මැනවි, සියලු අපවිත්‍රතාවන්වලින් අපව පවිත්‍ර කර, අපගේ ආත්මයන් ගලවාගනු මැනවි, අහෝ යහපත් තැනැත්තාණෙනි.
ට්‍රයිසාජියන්
ශුද්ධවූ දෙවිඳුනි, ශුද්ධවූ බලවත් වූ අමරණීය දෙවිඳුනි, අපට අනුකම්පා කළ මැනව.
(කුරුසිය සළකුණු කරමින් තුන්වරක් කියන්න. තුන්වතාවක් හිස නමා ආචාර කරන්න).
පියාණන්වහන්සේටත්, පුත්‍රයාණන්වහන්සේටත්, ශුද්ධාත්මයාණන් වහන්සේටත් මහිමය වේවා! දැනුත් මතුත් සදහටමත් එසේම වේවා! ආමෙන්
ශුද්ධ වූ ත්‍රිත්වය උදෙසා වූ යාච්ඤාව
අතිශුද්ධවූ ත්‍රිත්වයෙනි, අපට අනුකම්පා කළ මැනව. ස්වාමීනි අපගේ පව් මකා දැමුව මැනව. ගුරුතුමනි අපගේ වැරදිවලට සදමාව දුන මැනව. ශුද්ධාත්මයාණෙනි, ඔබගේ නාමය උදෙසා අපගේ දුබලතා සුවපත් කළ මැනව.
සමිඳුනි කරුණා කළ මැනව. (තෙවරක්)
පියාණන්වහන්සේටත්, පුත්‍රයාණන්වහන්සේටත්, ශුද්ධාත්මයාණන් වහන්සේටත් මහිමය වේවා! දැනුත් මතුත් සදහටමත් එසේම වේවා! ආමෙන්
ස්වාමීන්ගේ යාච්ඤාව
ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි, ඔබවහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා, ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිද ඉටු වේවා. අපගේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව, අපට වැරදි කරන අයට අප කමා වන්නාක් මෙන්, අපගේ වැරදි වලටද කමාවුව මැනව. මක්නිසාද රජ්‍යයත් බලයත් මහිමයත් සදාකල්ම ඔබවහන්සේගේය. ආමෙන් !
අති ශුද්ධ වූ තියෝටෝකෝස් උදෙසා වූ ගීතය
අහෝ දෙවියන්ගේ මවු, කන්‍ය, මරියාවෙනි, කරුණාවෙන් පිරි ඔබට ශුභසිද්ධවේවා, සමිඳාණන් වහන්සේ ඔබ සමගයි; ඔබ ස්ත්‍රීන් අතරින් භාග්‍යවන්ත ය, ඔබගේ ගර්භයේ ඵලය ආශීර්වාද ලද්දකි, මක්නිසාද අපගේ ආත්මයන්ගේ ගැලවුම්කරුවාණන් ඔබ දරන්නී ය.
ඕතඩොක්ස් ඇදහිල්ලේ සංකේතය
1. මම, අපගේ පියාණන් වන, සර්වබලධාරී, ස්වර්ගයේ සහ පෘථිවියේ නිර්මාතෘ මෙන් ම, පෙනෙන සහ නොපෙනෙන සියලු දේ හි මැවුම්කරු වන එක ම දෙවියන් කෙරෙහි මාගේ විශ්වාසය තබමි;
2. එමෙන් ම දෙවියන්ගේ ඒකජාතක පුතණුවන් ද, සියල්ලට ම පෙර තම පියාණන් දාව උපත ලද, ආලෝකයේ ආලෝකය ද; ශ්‍රේෂ්ට වූ දෙවිඳුන්ගේත් දෙවිඳුන් වන, සියල්ලෙහි මැවුම්කරු වූ, පියාණන්ගේ සාරයකින්, ඉපිද වූ, මවනු නොලැබූ, එක ම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි;
3. මිනිසුන් වන අප උදෙසා සහ අපගේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස, ශුද්ධාත්මයාණන්ගේ මාර්ගයෙන් කන්‍ය මරිය තුමියගේ ශරීරගත වී, මනුෂ්‍යයකු බවට පත් වූ ද;
4. තවද, පොන්තියුස් පිලාත් යටතේ අප වෙනුවෙන් කුරුසියේ තබා ඇණ ගසනු ලැබූ, දුක් විඳ, භූමදානය කරනු ලැබූවා වූ ද;
5. ශුද්ධ ලියවිල්ලට අනුව, තෙවන දිනයේ දී උන්වහන්සේ මළවුන් කෙරෙන් නැගී සිට;
6. ස්වර්ගයට නැගී, සියලු බලැති දෙවිපියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක;
7. ජීවමාන හා මළවුන් විනිශ්චය කිරීම සඳහා ඔහු නැවත තේජසින් පැමිණෙනු ඇත, තව ද ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැත;
8. මම, පියාණන් වහන්සේගෙන් පැවත එන, පියාණන් වහන්සේ සහ පුතණුවන් යන දෙපළ ම නමස්කාරයට සහ මහිමයට පාත්‍ර වූ, අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් අප ආමන්ත්‍රණය කළ, අප හට ජීවය ලබා දෙන්නා වූ, ස්වාමින්, ශුද්ධාත්මයාණන් කෙරෙහි මාගේ විශ්වාසය තබමි;
9. එමෙන් ම, මම ශුද්ධ වූ කිතුනු හා අපොස්තලික සභාවක් විශ්වාස කරමි;
10. පාප ක්ෂමාව කෙරෙහි එක් බෞතීස්මයක් මම පිළිගනිමි;
11. මම මළවුන්ගේ නැවත නැගිටීම අපේක්ෂා කරමි;
12. තව ද, මතු පැමිණෙන සදා ජීවිතය කෙරෙහි ද, විශ්වාසය තබමි. ආමෙන්.
දෙවියන් වහන්සේගේ මෑණියන් උදෙසා වූ ගීතිකාව
තියොටොකොස් සදා ආශිර්වාද ලත් වඩාත් නිරිදෝෂී සහ අපගේ ජේසුස් වහන්සේගේ මව වන ඔබගේ ආශිර්වාදය අගනේය. කෙරුබ්වරුන්ට වඩා ගෞරවනීය, සසඳන කල සෙරාෆිම්වරුන්ට වඩා තේජාන්විත, දූෂණයෙන් තොර වචනය වන දෙවියන්වහන්සේට උපත ලබා දුන් තියොටොකොස් අපි ඔබව මහිමයට පත්කරමු.
ආහාර ගැනීමට පෙර යාච්ඤාව
අපගේ දෙවි සමිඳුන් වන ක්‍රිස්තුස් වහන්ස, ඔබගේ සේවකයන්ගේ ආහාර, පාන සහ සහයෝගීතාවයට ආශීර්වාද කරනු මැනව, මක්නිසාද ඔබ සැමවිටම, දැන් සහ සදහටම සහ යුග ගණනාවක් පුරා ශුද්ධය. ආමෙන්.
ආහාර ගැනීමෙන් පසු යාච්ඤාව
අපගේ දෙවි සමිඳුන් වන ක්‍රිස්තුස් වහන්ස, ඔබගේ භූමික ආශිර්වාදයෙන් ඔබ අපව තෘප්තිමත් කළ හෙයින් අපි ඔබට ස්තුතිවන්ත වෙමු. ඔබගේ ස්වර්ග රාජ්‍යයද අපට අහිමි නොකරනු මැනව. ඔබ ඔබේ ශ්‍රාවකයන් වෙත පැමිණ ඔවුන්ට සමාදානය ලබා දුන් සේම; ගැලවුම්කරුවනි, අප වෙත පැමිණ අපව බේරාගන්න.
