සාන්තුවරයන්ගේ ඇදහිල්ල. නැගෙනහිර ඕතඩොක්ස් සභාවේ ප්‍රශ්නෝත්තර සංග්‍රහය
කිතුනු ඇදහිල්ල පිළිබඳ පොදු හැඳින්වීම
ප්‍රශ්නය: කිතුනු ඇදහිල්ල යනු කුමක් ද?
පිළිතුර: කිතුනු ඇදහිල්ල යනු ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කිරීමෙන් පමණක් මිනිසුන්ට පිළිගත හැකි වූ ද කිසි විටෙකත් ස්වෝත්සාහයෙන් ලබා ගත නොහැකි වූ ද පැවැත්මේ සහ ජීවිතයේ වැදගත් ම අභිරහස් පිළිබඳ ක්‍රිස්තුස් වහන්සේගේ දැනුමයි.
ප්‍රශ්නය: ක්‍රිස්තුස් වහන්සේට පමණක් නිවැරදි දැනුමක් ඇත්තා වූ, පැවැත්මේ සහ ජීවයේ වැදගත් ම අභිරහස් මොනවාද?
පිළිතුර:
ප්‍රශ්නය: ක්‍රිස්තුස් වහන්සේට පමණක් නිවැරදි දැනුමක් ඇත්තා වූ, පැවැත්මේ සහ ජීවයේ වැදගත් ම අභිරහස් මොනවාද?
පිළිතුර:
- දෙවියන්, දේවදූතයන් සහ මිනිස් ආත්මය හා සම්බන්ධ නොපෙනෙන යථාර්ථයන්ගේ අභිරහස;
- ලෝක නිර්මාණය සහ ලෝක අවසානය පිළිබඳ අභිරහස;
- දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන් සහ බලයෙන් මිනිසාට සහ මනුෂ්‍ය වර්ගයාට ස්ථාවර ඉලක්කයක් කරා ළඟා වීම සඳහා වූ නොනවත්නා මග පෙන්වීමේ අභිරහස;
- මනුෂ්‍යයාගේ අකුසල කර්මවල සහ පිරිහීමේ අභිරහස, සහ දෙවියන් වහන්සේ මාර්ගයෙන් ඔහුගේ ගැලවීම;
- මනුෂ්‍යයාගේ ලෞකික ජීවිතයේ අරමුණ වන ස්වර්ග රාජ්‍යයේ අභිරහස සහ එම අරමුණ ළඟා කරගැනීම සඳහා වූ නිවැරදි මාර්ගය, නිදසුනක් ලෙස, සෑම මිනිසෙකු ම තමා කෙරෙහි, තම අසල්වැසියා සහ දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන චර්යාව;
- මළවුන්ගේ නැවත නැගිටීම, අවසාන විනිශ්චය සහ සදාකාලික ජීවිතය පිළිබඳ වූ අභිරහස.
ප්‍රශ්නය: වෙනත් ආගමික ගුරුවරුන්, චින්තකයින් සහ දාර්ශනිකයන් එම අභිරහස් පැහැදිලි කිරීමට උත්සාහ නොකළේ ද?
පිළිතුර: සැබවින් ම බොහෝ දෙනා ඔවුන්ගේ සියලු සීමිත මානව බලයන්ට යටත් ව, දැඩි චින්තනයෙන් ලෝකය සහ මිනිස් ස්වභාවය ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමකින් පැහැදිලි කිරීමට උත්සාහ කළ නමුදු ඔවුන්ගේ සියලු උත්සාහයන් එකිනෙකට පරස්පර විවිධ න්‍යායන් සහ අනුමානවලට හේතු වූ බැවින්, එය හුදෙක් ම උත්සාහයක් පමණක් ම විය.
ප්‍රශ්නය: එසේ නම් ක්‍රිස්තුස්වහන්සේගේ දැනුම ඔවුන්ගේ දැනුමට වඩා උසස් වන්නේ කුමන හේතුවක් නිසා ද?
පිළිතුර: ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස ක්‍රිස්තුස් වහන්සේ දරණ අධිකාරිත්වය සම්බන්ධයෙනි. “මම සියැසින් දුටු දේ මම කතා කරමි” යනුවෙන් උන්වහන්සේ සාක්ෂි දුන් අතර තවදුරටත්: “කිසිදු මිනිසෙක් ස්වර්ගයට නැග ගියේ නැත, ඔහු ස්වර්ගයෙන් පහළ වූයේ ය, ස්වර්ගයේ සිටින මනුෂ්‍ය පුත්‍රයා පවා.” උන්වහන්සේගේ කාලයේ සිටි ආගමික ගුරුවරුන්ට ඔහු මෙසේ පැවසීය: “ඔබ පහළින් ද, මම ඉහළින් ද සිටිමි; ඔබ මේ ලෝකයේ ය, මම මේ ලෝකයෙන් නොවෙමි.” ඉශ්‍රායෙල්හි ප්‍රධානියෙකුට ඔහු මෙසේ කීවේ ය: “සැබවින් ම, සැබැවින් ම, මම ඔබට පවසමි: අපි දන්නා දේ අප කතා කරන්නෙමු, අපි දුටු බවට සාක්ෂි දෙන්නෙමු.” තවදුරටත්: “ස්වර්ගයෙන් පහළ වූ ජීවමාන ආහාරය මමයි.” තව ද මෙවැනි බොහෝ කාරණා සම්බන්ධයෙන් ද, ඔහු අහසේ සහ පොළොවේ සියලු අභිරහස් පිළිබඳ ව ද ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ අධිකාරත්වයකින් කතා කළ අතර, ඔහුගේ ඉගැන්වීම් මිනිසුන් විමතියට පත් කළේ ය. මක්නිසාද යත්, “මෙම මිනිසා මෙන් කිසි දිනක මිනිසෙක් කතා නොකළේ ය.”
ප්‍රශ්නය: සත්‍ය වශයෙන් ම අපි දෛනික ජීවිතයේ දී ඕනෑ ම න්‍යායවාදියෙකුට හෝ දාර්ශනිකයෙකුට වඩා ඉහළින් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විශ්වාස කරන්නෙමු. නමුත් එකල දේවදූතයෙකුට ඔවුන්ගේ ධර්මය ආරෝපණය කළ සමහර ආගමික ගුරුවරු සිටියහ. දේවදූතයෝ ද මහා අභිරහස් ඇසින් දුටු සාක්ෂිකරුවෝ වෙති. ඒ සම්බන්ධයෙන් අපේ සිතුවිලි කෙබඳු ද?
පිළිතුර: සමහර අවස්ථාවල දී දෙවියන් වහන්සේගේ දූතයන් ව ඔවුන්ට ඉගැන්වීමට හෝ මෙහෙයවීමට ශ්‍රව්‍යමය පුද්ගලයන් වෙත යවන ලද බව සත්‍යයකි. නමුත් බොහෝ විට මිනිසුන් දුටුවේ බොරු අවතාර ය, එනම් සැබෑ දේවදූතයන්ගේ ආලෝකයෙන් සැරසුණු නපුරු ආත්මයන් ය. කෙසේ නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. උන්වහන්සේ දේවදූතයන් ලවා උගන්වනු ලැබුවේ ද මෙහෙයවනු ලැබුවේ ද නැත, නමුදු ඒ වෙනුවට එතුමන් දේවදූත සේනාවන්ට අණ කළ අතර, ඔහු මිනිසුන්ගෙන් නපුරු ආත්මයන් පලවා හැරියේ ය. දේවදූතයන් උන් වහන්සේ වෙනුවෙන් සේවය කළ අතර භූතයන් උන් වහන්සේට බිය විය.
ප්‍රශ්නය: එසේ නම් ක්‍රිස්තියානි ආගම ලෝකයේ පවත්නා සෑම ආගමකට ම වඩා උසස් ලෙස අප විසින් සැලකිය යුතු නොවේ ද?
පිළිතුර: කිතුනු ඇදහිල්ල වෙනත් ආගම් සමග සංසන්දනය නොකළ යුතු අතර, වචනයේ මිථ්‍යාදෘෂ්ටික අර්ථයෙන් එය කිසිසේත් ම “ආගමක්” ලෙස හැඳින්විය යුතු නොවේ. මක්නිසාද යත් එය ආගම් අතර ආගමක් නොවන නමුත්, එය ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල සහ ක්‍රිස්තුස් වහන්සේගේ හෙළිදරව්ව වේ. එය මිනිසුන්ගේ ආලෝකනය සහ ගැලවීම සඳහා වූ දෙවියන් වහන්සේගේ පුද්ගලික, අද්විතීය හා අවසාන හෙළිදරව්වකි. තව ද, තවත් දෙවියන් වහන්සේගේ එළිදරව්වක් ලබා නොදෙනු ඇති අතර, ලෝක අවසානය දක්වා යේසුස් ක්‍රිස්තුස් තුමන් හැර වෙනත් ගැලවුම්කරුවකු අපේක්ෂා නොකළ යුතු ය.
ප්‍රශ්නය: ක්‍රිස්තියානි ඇදහිල්ල අනෙකුත් සියලු ආගම් හා සමාන කිරීමට ඇතැම් පාර්ශ්ව දක්වන නූතන ප්‍රවණතාව පිළිබඳ ව අප සිතිය යුත්තේ කෙසේ ද?
පිළිතුර: එය වැරදි ප්‍රවණතාවක් සේ ම භයානක අත්හදා බැලීමකි. මන්ද, “කිසිවෙකු හට දෙවියන් වහන්සේට සරදම් කිරීමට නොහැක” (ගලාති. 6.7), දෙවියන් වහන්සේගේ පුතණුවන්ගේ රුධිරය රචකයන්ගේ තීන්ත හා සම නොකළ යුතු ය. මක්නිසාද යත් පෙරදිග අපගේ පැරණි කිතුනු සභාවේ සාමාජිකයන් ලෙස අපි, සියලු මිනිසුන් කෙරෙහි වූ අසීමිත පුණ්‍ය කර්මයකට බැඳී සිටියත්, අපගේ උරුම වූ දෙවියන් වහන්සේ හෙළි කළ සත්‍යය, මිනිසා විසින් සාදන ලද ආගම් හෝ දර්ශන සමග සම්මුතියක් ඇති කර ගැනීම අපට සපුරා තහනම්ය.
ප්‍රශ්නය: මෙවැනි සමාන කිරීමේ ප්‍රවණතාවකට එරෙහි ව අප සටන් කරන්නේ කුමන අන්දමකින් ද?
පිළිතුර: ප්‍රථමයෙන් ම, එදිනෙදා ජීවිතයේ දී ඕතඩොක්ස් ඇදහිල්ල පිළිපැදීමෙන් ඒ පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගැනීමෙන් සහ, විද්‍යාඥයන් විසින් පෘථිවිය වටකුරු බවට සොයාගෙන තිබිය දී තවමත් පෘථිවිය පැතලි යැයි සිතන අයට එරෙහි ව සත්‍යයට ඇලී සිටින්නාක් මෙන් ඕතඩොක්ස් ඇදහිල්ලට ඇලී සිටීම. දෙවනු ව, පහසුව තකා පරිපූර්ණ දේ පහතට ඇද අසම්පූර්ණ දේ සමග මිශ්‍ර කරනවා වෙනුවට පහත් හා පහත් විශ්වාසයන් ඇති මිනිසුන් පුණ්‍යමය සහ ඥානවන්ත උත්සාහයන් මගින් අපගේ පරිපූර්ණ ඇදහිල්ලේ උච්චස්ථානයට ඔසවා තැබීම – කිසිවිටක බලහත්කාරයෙන් නොවේ.
ප්‍රශ්නය: නමුදු අපගේ ඇදහිල්ල ජීවමාන ඇදහිල්ලක් ලෙස අප හඳුන්වන්නේ කුමක් නිසා ද?
පිළිතුර: එයට හේතුව වන්නේ, හේතුව සහ ඵලය ලෙස ඇදහිල්ල සහ ජීවිතය වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී තිබීමයි. යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “පුත්‍රය (දෙවියන් වහන්සේගේ) විශ්වාස කරන්නාට සදාකාල ජීවනය ඇත; පුත්‍රයා විශ්වාස නොකරන්නාට ජීවනය නොපෙනේ; නමුත් දෙවියන් වහන්සේගේ උදහස ඔහු මත පවතී” (යොහන් 3:36). තවදුරටත් මෙසේ පවසනු ලැබේ: “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වනු ඇත” (හෙබ්‍රෙව්. 10:38).
***
Данный труд представлен только в виде сканированного документа. Вы можете ознакомиться с ним по ссылке:
